Thursday, August 30, 2018

4.5.2 ස්වභාවික වනාන්තරවල ව්‍යුහයන් හා එහි ඇති සම්පත් කර්මාන්ත සදහා තිරසාර ලෙස යොදා ගැනීම - 2

ස්වභාවික වනාන්තර 2

ස්වභාවික වනාන්තර ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක 
  • වර්ෂාපතන රටාව
  • මුහුදු මට්ටමේ සිට ඇති උස
  • උෂ්නත්වය
  • පසේ ස්වභාවය
  • සුළගේ ස්වභාවය 
ඉහත සාධකවල විවිධත්වය අනුව වනාන්තර වර්ග කර ඇත. ඒ අතරින් ප්‍රධාන වනාන්තර වර්ග කිහිපයක ලක්ෂණ විමසා බලමු.

නිවර්තන තෙත් සදාහරිත වනාන්තර

ශ්‍රී ලoකාවේ තෙත් කලාපයේ පිහිටයි.

උදා: සිoහරාජ වනාන්තරය, කන්නෙලිය වනාන්තරය

ඉහළ ජෛව විවිධත්වයක් ඇත.ශාක ස්තරීභවනය පෙන්වයි.පැහැදිලි ව හදුනාගත හැකි ශාක ස්තර 5කි. ඒවා නම් නෙරු ශාක ස්තරය,වියන, උප වියන,පදුරු හා යටි වගාව යි.
ශාක ස්තරීභවනය
වසර පුරා පැතිරෙන වර්ෂාවක් පැවතීමත් නියo කාල නොමැති වීමත් නිසා මෙම වනාන්තර සදාහරිත වේ.ශාක කදන් සමවිෂ්කම්භික ය.ඉතා උස ශාක ඇත.ශාක කදන් උසින් වැඩි නිසාත් සමවිෂ්කම්භික නිසාත් පෙරළීම වැළැක්වීමට කරු මුල් පිහිටයි.ස්කන්ධ පුෂ්පීයතාවය දරයි. එනම් ප්‍රධාන කදේ පුෂ්ප හා ඵල ඇති වේ.දැවමය වටිනාකමකින් යුත් ශාක ඇත.දිය බේරීම සදහා පත්‍ර අග්‍රය තියුණු ලෙස සැකසී ඇත.ආරොහක හා අපිශාක බහුල ය.වනයේ පතුලට ආලොකය ලැබීම අඩු ය.මේ නිසා යටි වගාව දුර්වල ය.ශාක මගින් අධික ලෙස පොෂක අවශොෂණය කරන හෙයින් පස නිසරු ය.

ශාක: හොර, දූන, නා,මලබඩ

එන්න සිoහරජය බලන්න,
https://www.youtube.com/watch?v=FRHXWS2LioQ&t=131s

නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

ශ්‍රී ලoකාවේ වියළි කලාපයේ පිහිටයි.

උදා: රිටිගල වනාන්තරය, පිදුර ගල වනාන්තරය, වියළි කලාපීය වනාන්තර,සීගිරිය ආශ්‍රිත වනාන්තර

ජෛව විවිධත්වය අඩු ය.පැහැදිලි ස්තරීභවනයක් නැත.පතනශීලී ශාක විශේෂ ඇත.ශාක ඝනත්වය අඩු ය.ශාකවල උස අඩු ය.ශාක කදන් සමවිෂ්කම්භික නොවේ.දැවමය වටිනාකමක් ඇති ශාක බහුල ය.උත්ස්වේදනය අවම කිරීමට පත්‍රවල ඝන උච්චර්මයක් පිහිටයි.පසේ පොෂක අධික යි.

ශාක: බුරුත,නැදුන්,හල්මිල්ල,පලු,කලුවර

වියළි කලාපීය වනාන්තර https://www.youtube.com/watch?v=zATG5yo9bok

නිවර්තන කදුකර වනාන්තර

කදුකර කලාපයේ පිහිටයි.

උදා:පිදුරුතලාගල,බොපත්තලාව,හග්ගල,කිකිළියාමාන වනාන්තර

ශාක කුරු ය.ඇඹරී ගිය කදන් සහිත ය.අඛණ්ඩ වියනක් සහිත ය.ඝනව විහිදුන අතරින් පතර සැදි පැතලි මුදුන් ඇත.කදන් මත ඝන ව වැඩුණ පාසි ඇත.ඝන ව වැඩුණ මීවන ශාක සහිත යටි වගාවක් ඇත.බොහො ශාකවල පත්‍ර තලය කුඩා ය.

කේතුධර වනාන්තර

සෞම්‍ය කලාපීය රටවල ස්වභාවික කේතුධර වනාන්තර දක්නට ලැබේ.ශාක කේතු ආකාර හැඩයෙන් යුක්ත ය.සිහින් ඉදිකටු වැනි පත්‍ර ඇත.පොත්ත ඝනකම් ය. අතු ශක්තිමත් නැත.සදාහරිත ශාක ඇත.

Wednesday, August 29, 2018

4.5.1 ස්වභාවික වනාන්තරවල ව්‍යුහයන් හා එහි ඇති සම්පත් කර්මාන්ත සදහා තිරසාර ලෙස යොදා ගැනීම - 1

ස්වභාවික වනාන්තර

වනාන්තර යනු ප්‍රධාන වශයෙන් තුරුලතා වලින් සමන්විත මිනිසාට හා සතුන්ට විවිධ ප්‍රයොජන ලබාගත හැකි ගොඩබිම් පරිසර පද්ධතියකි.

වනාන්තරයක් හදුනාගත හැකි ලක්ෂණ

  1. භූමියෙන් 10%කට වැඩි ප්‍රමාණයක් තුරු වියන තිබිම.
  2. 0.5ha වැඩි ප්‍රදේශයක ව්‍යාප්ත වීම.
  3. පරිණත ශාකවල අවම උස 5m ක් හො ඊට වඩා විශාල වේ.
  4. භූමි පරිභොජනය කෘෂිකාර්මික නොවීම. 

වනාන්තර ආකාර 2කි.
  1. ප්‍රාථමික වනාන්තර 
  2. ද්වීතීයික වනාන්තර 

ප්‍රාථමික වනාන්තර 

මෙම වනාන්තර මිනිසගේ බලපෑමට ලක් වී නොමැත.එම නිසා වනාන්තර එළිවීමකට ලක් වී නැත.ජෛව විවිධත්වය අධික ය.ආවේණික ජීවී විශේෂ බහුල ය. විවිධ වයස්වල ශාක දක්නට ලැබේ.

ද්වීතීයික වනාන්තර

ස්වභාවික හේතූන් (උදා: ලැව්ගිනි ) නිසා හො මිනිස් ක්‍රියාකරකම් නිසා එළි වී නැවත ඇති වූ වනාන්තර ද්වීතීයික වනාන්තර  වේ. ජෛව විවිධත්වය අඩු ය. පදුරු ශාක බහුල ය(කැකිල්ල, එරමිණිය,බොවිටියා).සම වයස්වල ශාක ඇත.    
                            ප්‍රාථමික වනාන්තර                                                   ද්වීතීයික වනාන්තර                                      


ස්වභාවික වනාන්තර 2 https://sftadvancedlevel.blogspot.com/2018/08/1_30.html