ස්වභාවික වනාන්තර 2
ස්වභාවික වනාන්තර ව්‍යාප්තිය කෙරෙහි බලපාන සාධක
- වර්ෂාපතන රටාව
- මුහුදු මට්ටමේ සිට ඇති උස
- උෂ්නත්වය
- පසේ ස්වභාවය
- සුළගේ ස්වභාවය
ඉහත සාධකවල විවිධත්වය අනුව වනාන්තර වර්ග කර ඇත. ඒ අතරින් ප්‍රධාන වනාන්තර වර්ග කිහිපයක ලක්ෂණ විමසා බලමු.
නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
ශ්‍රී ලoකාවේ තෙත් කලාපයේ පිහිටයි.
උදා: සිoහරාජ වනාන්තරය, කන්නෙලිය වනාන්තරය
ඉහළ ජෛව විවිධත්වයක් ඇත.ශාක ස්තරීභවනය පෙන්වයි.පැහැදිලි ව හදුනාගත හැකි ශාක ස්තර 5කි. ඒවා නම් නෙරු ශාක ස්තරය,වියන, උප වියන,පදුරු හා යටි වගාව යි.
වසර පුරා පැතිරෙන වර්ෂාවක් පැවතීමත් නියo කාල නොමැති වීමත් නිසා මෙම වනාන්තර සදාහරිත වේ.ශාක කදන් සමවිෂ්කම්භික ය.ඉතා උස ශාක ඇත.ශාක කදන් උසින් වැඩි නිසාත් සමවිෂ්කම්භික නිසාත් පෙරළීම වැළැක්වීමට කරු මුල් පිහිටයි.ස්කන්ධ පුෂ්පීයතාවය දරයි. එනම් ප්‍රධාන කදේ පුෂ්ප හා ඵල ඇති වේ.දැවමය වටිනාකමකින් යුත් ශාක ඇත.දිය බේරීම සදහා පත්‍ර අග්‍රය තියුණු ලෙස සැකසී ඇත.ආරොහක හා අපිශාක බහුල ය.වනයේ පතුලට ආලොකය ලැබීම අඩු ය.මේ නිසා යටි වගාව දුර්වල ය.ශාක මගින් අධික ලෙස පොෂක අවශොෂණය කරන හෙයින් පස නිසරු ය.
ශාක: හොර, දූන, නා,මලබඩ
එන්න සිoහරජය බලන්න,
https://www.youtube.com/watch?v=FRHXWS2LioQ&t=131s
උදා: රිටිගල වනාන්තරය, පිදුර ගල වනාන්තරය, වියළි කලාපීය වනාන්තර,සීගිරිය ආශ්‍රිත වනාන්තර
ජෛව විවිධත්වය අඩු ය.පැහැදිලි ස්තරීභවනයක් නැත.පතනශීලී ශාක විශේෂ ඇත.ශාක ඝනත්වය අඩු ය.ශාකවල උස අඩු ය.ශාක කදන් සමවිෂ්කම්භික නොවේ.දැවමය වටිනාකමක් ඇති ශාක බහුල ය.උත්ස්වේදනය අවම කිරීමට පත්‍රවල ඝන උච්චර්මයක් පිහිටයි.පසේ පොෂක අධික යි.
ශාක: බුරුත,නැදුන්,හල්මිල්ල,පලු,කලුවර
වියළි කලාපීය වනාන්තර https://www.youtube.com/watch?v=zATG5yo9bok
උදා:පිදුරුතලාගල,බොපත්තලාව,හග්ගල,කිකිළියාමාන වනාන්තර
ශාක කුරු ය.ඇඹරී ගිය කදන් සහිත ය.අඛණ්ඩ වියනක් සහිත ය.ඝනව විහිදුන අතරින් පතර සැදි පැතලි මුදුන් ඇත.කදන් මත ඝන ව වැඩුණ පාසි ඇත.ඝන ව වැඩුණ මීවන ශාක සහිත යටි වගාවක් ඇත.බොහො ශාකවල පත්‍ර තලය කුඩා ය.
උදා: සිoහරාජ වනාන්තරය, කන්නෙලිය වනාන්තරය
ඉහළ ජෛව විවිධත්වයක් ඇත.ශාක ස්තරීභවනය පෙන්වයි.පැහැදිලි ව හදුනාගත හැකි ශාක ස්තර 5කි. ඒවා නම් නෙරු ශාක ස්තරය,වියන, උප වියන,පදුරු හා යටි වගාව යි.
ශාක ස්තරීභවනය |
ශාක: හොර, දූන, නා,මලබඩ
එන්න සිoහරජය බලන්න,
https://www.youtube.com/watch?v=FRHXWS2LioQ&t=131s
නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
ශ්‍රී ලoකාවේ වියළි කලාපයේ පිහිටයි.උදා: රිටිගල වනාන්තරය, පිදුර ගල වනාන්තරය, වියළි කලාපීය වනාන්තර,සීගිරිය ආශ්‍රිත වනාන්තර
ජෛව විවිධත්වය අඩු ය.පැහැදිලි ස්තරීභවනයක් නැත.පතනශීලී ශාක විශේෂ ඇත.ශාක ඝනත්වය අඩු ය.ශාකවල උස අඩු ය.ශාක කදන් සමවිෂ්කම්භික නොවේ.දැවමය වටිනාකමක් ඇති ශාක බහුල ය.උත්ස්වේදනය අවම කිරීමට පත්‍රවල ඝන උච්චර්මයක් පිහිටයි.පසේ පොෂක අධික යි.
ශාක: බුරුත,නැදුන්,හල්මිල්ල,පලු,කලුවර
වියළි කලාපීය වනාන්තර https://www.youtube.com/watch?v=zATG5yo9bok
නිවර්තන කදුකර වනාන්තර
කදුකර කලාපයේ පිහිටයි.උදා:පිදුරුතලාගල,බොපත්තලාව,හග්ගල,කිකිළියාමාන වනාන්තර
ශාක කුරු ය.ඇඹරී ගිය කදන් සහිත ය.අඛණ්ඩ වියනක් සහිත ය.ඝනව විහිදුන අතරින් පතර සැදි පැතලි මුදුන් ඇත.කදන් මත ඝන ව වැඩුණ පාසි ඇත.ඝන ව වැඩුණ මීවන ශාක සහිත යටි වගාවක් ඇත.බොහො ශාකවල පත්‍ර තලය කුඩා ය.
කේතුධර වනාන්තර
සෞම්‍ය කලාපීය රටවල ස්වභාවික කේතුධර වනාන්තර දක්නට ලැබේ.ශාක කේතු ආකාර හැඩයෙන් යුක්ත ය.සිහින් ඉදිකටු වැනි පත්‍ර ඇත.පොත්ත ඝනකම් ය. අතු ශක්තිමත් නැත.සදාහරිත ශාක ඇත.
No comments:
Post a Comment