බැක්ටීරියා
පෘථිවියේ
වඩාත් බහුල ජීවීන් කාණ්ඩය යි. ප්රාග්නHෂ්ටික සෙෙල සෙෙල සංවිධානයක් දරයි. ඒකසෙෙලික වේ. ඇතැම් බැක්ටීරියාවන් ඝනාවාස සාදයි. සචල හෝ අචල විය හැක. සෙෙල
බිත්තියට පිටතින් ඇතැම් බැක්ටීරියාවල කශිකා (Flagella) හෝ පක්ෂ්ම /පිලයි (Pili) පිහිටා
ඇත. සචල බැක්ටීරියා කශිකා දරයි. බැක්ටීරියා සෙෙලවල
හැඩය තීරණය කරන සෙෙල
බිත්තිය පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදී ඇත. සෙෙල
බිත්තියේ අඩංගු
පෙප්ටිඩොග්ලයිකෑන් සංයුතිය
අනුව බැක්ටීරියා වර්ග 2කි.
I. ග්‍රෑම් ධන බැක්ටීරියා (Gram positive bacteria )
II. ග්‍රෑම් රින
බැක්ටීරියා (Gram negative bacteria )
සෙෙල බිත්තියට ඇතුළතින් පිළිවෙළින් ප්ලාස්ම පටලය හා සෙෙල
ප්ලාස්මය පිහිටයි.සමහර බැක්ටීරියා සෙෙලවල සෙෙල
බිත්තියට පිටතින් පොලිසැකරයිඩ කොපුවක් පිහිටයි. එය ප්‍රාවරය ලෙස හදුන්වයි. සෙෙල
පටලය වරණීය පාරගමH වේ.එය පොස්පොලිපිඩ, ප්‍රෝටීන හා කාබෝහයිඩ්රේට වලින් සෑදී ඇත. ප්‍රභාසංස්ලේෂක
බැක්ටීරියාවල ප්ලාස්ම පටලය මත පිහිටි බැක්ටීරියෝ ක්ලොරොෆිල් නම් වර්ණකය ප්‍රභාසංස්ලේෂනයට
වැදගත් වේ. බැක්ටීරියාවල ප්ලාස්ම පටලය සෙෙලය
තුළට අවතලනය වීමෙන් මීසොසෝම නම් ව්‍යුහ සාදයි. මේවා ස්වායු ස්වසනය සදහා වැදගත් වේ.
බැක්ටීරියා සෙෙලවල
ප්‍රවේණික ද්‍රවH ලෙස එක්
වර්ණදේහයක් පමණක් ඇත. එබැවින් බැක්ටීරියා ඒකගුණ ජීවීන් වේ. වර්ණදේහය චක්රාකාර
DNA අණුවක්
ලෙස පවති. එහි ප්‍රෝටීන නොමැත. සමහර බැක්ටීරියාවල සෙෙල
ප්ලාස්මයේ තැනින් තැන ප්ලාස්මිඩ නම් කුඩා වෘත්තාකාර DNA අණු ඇත. බැක්ටීරියා සෙෙලවල
පටලමය ඉද්රයිකා
වර්ග කිසිවක් නැත. ප්‍රධාන ඉද්රයිකා වර්ගය ලෙස රයිබසෝම බහුලව ඇත. මේවා 70sවේ. ප්‍රෝටීන සංස්ලේෂනය
සිදු කරයි. බැක්ටීරියා සෙෙලවල ප්‍රධාන සංචිත
ආහාරය ග්ලයිකොජන් වේ.
සමහර බැක්ටීරියා අහිතකර පරිසර තත්ත්වවලදී අන්ත:බීජාණු/
අන්තශ්පෝර නිපදවයි. අන්ත:බීජාණු
ඝන සෙෙල
බිත්තියකින් සමන්විත වන අතර අධික තාපයට, රසායන ද්‍රවH වලට, විකිරණ
වලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. හිතකර පාරිසරික තත්ත්ව වලදී අන්ත:බීජාණු ප්‍රරෝහණය වී සජීවී බැක්ටීරියා සෙෙල
ඇතිකරයි.
සෙෙලවල හැඩය අනුව ප්‍රධාන ආකාර 3කි.
- ගෝලාකාර / කොකුස (Coccus)
- සිලින්ඩරාකාර/ දණ්ඩාකාර /බැසිලස (Bacillus)
- සර්පිලාකාර/ ස්පිරිලුම/ස්පයිරොකීට (Spirillum)
බැක්ටීරියා
ද්විඛණ්ඩනය(binary
fission) මගින් ප්‍රජනනය සිදුකරයි.
දිලීර
දිලීර
කාබනික ද්‍රවH බහුල තෙත
ස්ථානවල ජීවත් වේ. සූනHෂ්ටික සෙෙල සංවිධානයක් දරයි. ඒකසෙෙලික හෝ බහුසෙෙලික ආකාර ඇත. ඒකසෙෙලික දිලීර ගෝලාකාර හෝ අණ්ඩාකාර හැඩැති වේ. බහුසෙෙලික දිලීර දේහය අතු බෙදී දිලීර සූත්‍රිකා සාදයි. දිලීර සූත්‍රිකා ආවාර සහිත (සාවාර සූත්‍රිකා ) හෝ
රහිත ( නිරාවාර සූත්‍රිකා ) වියහැක. දිලීර සූත්‍රිකා ඒකරාශී වීමෙන් දිලීර ජාලය හෙවත් මයිසීලියම සාදයි.
(Eg. Mucor, Aspergillus)
(Eg. Mucor, Aspergillus)
සෙෙල බිත්තිය කයිටීන් වලින් සෑදී ඇත. ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකොජන් ය.
විෂමපෝෂීන්
වේ. බොහොමයක් මෘතොපජීවීන් වේ. එනම් මියගිය
ශාක හා සත්ත්ව කොටස් මතට එන්සයිම නිදහස් කර ජීර්ණය වූ පෝෂක අවශෝෂණය කර ගනියි(රසායනික විෂමපෝෂී). සමහර විශේෂ සහජීවී හෝ පරපෝෂී පෝෂණ ක්‍රම අනුගමනය කරයි.
දිලීර
අලිංගික මෙන්ම ලිංගික ප්‍රජනනය පෙන්වන අතර එහිදී බීජාණු සෑදීම සිදු වේ.
දිලීරවල
වැදගත්කම
- වියෝජකයන් ලෙස ක්‍රියා කිරීම
- විවිධ කර්මාන්ත සදහා යොදා ගැනීම (මධHසාර නිපදවීම,බේකරි කර්මාන්තය )
- ප්‍රතිජීවක නිෂ්පාදනය
- ආහාරයක් ලෙස
- එන්සයිම නිපදවීම
වයිරස
දුම්කොළ විචිත්‍ර රෝගය
පිළිබද පරීක්ෂා කිරීමේ දී දිමිත්‍රි
අයිවනොව්ස්කි විසින් මුලින් ම වයිරස නිරීක්ෂණය කරන ලදී. සෙෙලීය ව්‍යුහයක් හෝ සෙෙලීය සංවිධානයක්
නොමැති ජීවී විශේෂය කි. වයිරස තුළ ප්‍රවේණික ද්‍රවH ලෙස DNA හෝ RNA අඩංගු වේ. ජීවී මෙන් ම අජිවී ලක්ෂණ පෙන්වයි.
වයිරස අංශුව මධHයේ පවතින ප්‍රවේණික ද්‍රවH කැප්සිඩය නම් වූ ප්‍රෝටීනමය
ආවරණයකින් වට වී ඇත. තරමින් 20nm -300nm පමණ වේ. බැක්ටීරියා සෙෙලයක තරමින් 1/50ක් පමණ වේ. එම නිසා
නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයෙන් පමණි.
අනිවාර්ය පරපෝෂීන් වේ. එබැවින් සජීව අවස්ථාවේ පවතින්නේ ජීවී සෙෙල තුළ දී ය. ප්‍රජනනය සිදුවන්නේ වෙනත් ජීවී සෙෙලයක් තුළ ය. එක් වයිරස අංශුවක් ජීවී සෙෙලයක් තුළ ගුණනය වීමෙන් එක් වරක දී වයිරස අංශු විශාල ප්‍රමාණයක් සාදයි. වයිරස සජීව ශාක සෙෙල හො සත්ත්ව පටක තුළ කෘතීම ව වගා කරයි. ශාක සෙෙල, සත්ත්ව සෙෙල මෙන් ම බැක්ටීරියා සෙෙලවලට ද ආසාදනය වේ. සියලුම වයිරස රෝගකාරක වේ.
අනිවාර්ය පරපෝෂීන් වේ. එබැවින් සජීව අවස්ථාවේ පවතින්නේ ජීවී සෙෙල තුළ දී ය. ප්‍රජනනය සිදුවන්නේ වෙනත් ජීවී සෙෙලයක් තුළ ය. එක් වයිරස අංශුවක් ජීවී සෙෙලයක් තුළ ගුණනය වීමෙන් එක් වරක දී වයිරස අංශු විශාල ප්‍රමාණයක් සාදයි. වයිරස සජීව ශාක සෙෙල හො සත්ත්ව පටක තුළ කෘතීම ව වගා කරයි. ශාක සෙෙල, සත්ත්ව සෙෙල මෙන් ම බැක්ටීරියා සෙෙලවලට ද ආසාදනය වේ. සියලුම වයිරස රෝගකාරක වේ.
උදා:
ඒඩ්ස්, සරම්ප, දුම්කොළ ශාකවල පත්‍ර විචිත්‍ර රෝගය
වයිරස
පරිවෘත්තීය ක්‍රියා කිසිවක් සිදු නොකරයි. ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැක.
වයිරසවල
මූලික හැඩ ආකාර 3කි.
- Helical viruses-හේලික්සාකාර වයිරස
- Polyhedral- සමතල පෘෂ්ට සහ දාරවලින් සමන්විත වයිරස
- Complex viruses - සංකීර්ණ සමමිතියක් සහිත වයිරස
No comments:
Post a Comment