Tuesday, March 31, 2020

තාක්ෂණික දියුණුව හා පරිසරය

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීමේ විධි ක්‍රම


කාර්මික දියුණුව හේතුවෙන් මේ දක්වා සිදු වී ඇති පාරිසරික ගැටලු සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැක. නමුත් මනා කළමනාකරණයක් තුළින් පරිසරයට සිදුවන හානිය අවම වන පරිදි කාර්මික කටයුතු සිදුකිරීම කළ හැකිය.

ඒ සඳහා පහත ක්‍රියා මාර්ග අනුගමනය කරයි


  • CFC වෙනුවට HCFC  භාවිතය
  • ඊයම් එක් කරන ලද පෙට්‍රල් වෙනුවට ඊයම් රහිත පෙට්‍රල් භාවිතය
  • වාහනවලින් පිටවන අපවාතයේ ඇති දූෂක වායූ හානිකර නොවන වායූ බවට පත් කිරීමට උත්ප්‍රේරක පරිවර්තක භාවිතය
  • වඩාත් පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව වන සුලං බලය, සූර්ය බලශක්තිය ආදී බලශක්ති ප්‍රභවවලට නැඹුරු වීම
  • දූෂිත ව ඇති ද්‍රව්‍ය ප්‍රයොජනයට ගතහැකි ආකාරයට පිරියම් කිරීම

ප්‍රධාන ගෝලීය පාරිසරික ගැටලු

  1. පෘථිවි ගෝලය උණුසුම් වීම
  2. ඕසෝන් වියන ක්ෂය වීම

ගෝලීය පාරිසරික ගැටලු අවම කිරීමට පිහිටුවාගත් සම්මුති 

  • මොන්ට්‍රියල් සම්මුතිය - ඕසෝන් වියනට හානි කරන වායු අවම කිරීමට එක වීම 
  • කියෝටෝ සම්මුතිය -  හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සදහා එකත්වය ඵල කිරීම
  • පැරිස් එකතාව -  හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ගතහැකි ක්‍රියාමර්ග සඳහා එකවීම

මොන්ට්‍රියල් සම්මුතියෙන් එක වූ පරිදි CFC නිෂ්පාදන සහ අලුතින් භාවිතය 2010 දී සම්පූර්ණයෙන් නවතන ලදී. මෙලෙස හරිතාගාර වායු විමෝචනය අවම කිරීම මගින් ගෝලීය උණුසුම ඉහළ යාම 2℃ වඩා අඩුවෙන් පවත්වාගෙන යාමට හැකිවේ. 

කාර්මික නිෂ්පාදනයන් සහ පොසිල ඉන්ධන දහනයෙන් පිටවන අපවාතයේ ඇති දූෂක අවම වන ආකාරයට එවැනි කාර්මික ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් පරිසරයට සිදු කරන හානිය අවම කළ හැකිය.

  • වාහන අපවාතයෙන් පිටවන NOx , කාබන්මොනොක්සයිඩ්, නොදැවුණු හයිඩ්‍රොකාබන් වැනි වායු අහිතකර නොවන ද්‍රව්‍ය බවට පරිවර්තනය සදහා උත්ප්‍රේරක පරිවර්තක භාවිත කරයි.

  • ගල් අඟුරු දහනයේ දී ඒවායේ අපද්‍රව්‍ය ලෙස පවත්නා ගෙන්දගම්(සල්ෆර්) දහනයෙන් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් අපවාතයෙන් පෙරා වෙන් කිරීම සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් Ca(OH)2  පල්පයක් යොදාගනී.

  • සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ දී අධිකව නිපදවන සිමෙන්ති අංශූ (particulate matter) බාහිර වාතයට එක් නොවන ආකාරයට ඉවත් කිරීම සඳහා bag house සහ sedimentation chambers යොදාගනී.

  • රබර් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල දී රබර් කිරි කැටි ගැසීමට යොදන ඇසිටික් අම්ලය/ෆෝමික් අම්ලය ජලයට එක් කිරීම නිසා ජලයේ pH අගය අඩුවේ. රබර් කිරි කැටි නොගැසී කල් තබා ගැනීමට යොදන ඇමෝනියා ජලයට එක් කිරීමෙන් ජලයේ pH අගය වැඩිවේ. මේ නිසා අපජලය ඉවත්කිරීමට පෙර මෙම ඇසිටික් අම්ලය සහ ඇමෝනියා උදාසීන කර ඉන්පසු අපජලය ඉවත් කළ යුතු ය.  

  • වෙළඳ කලාප ආශ්‍රිතව ඇති කර්මාන්තශාලා තුළින් පිටවන අපජලය පිරිපහදුව සඳහා විශාල මධ්‍යස්ථ ජල පිරිපහදු පද්ධති යොදා ඇත.

3R සංකල්පය

Reduce - අවමකරණය 
Reuse - නැවත නැවත භාවිතය
Recycle - ප්‍රතිචක්‍රීකරණය

අවමකරණය 

භාවිත කරන අමුද්‍රව්‍ය අවම ලෙස භාවිත කිරීමෙන් අමුද්‍රව්‍ය ඉතිරිය සහ අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම මෙහි අරමුණ වේ.

උදා: රබර් කිරි කැටි ගැසීම සදහා යොදන ඇසිටික් අම්ලය අවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිත කිරීමෙන් පිටවන අපජලයේ ඇති ආම්ලිකතාව අවම කර ගත හැකි වීම.

 නැවත නැවත භාවිතය

භාණ්ඩයක් නැවත නැවත භාවිතය මගින් අමුද්‍රව්‍ය ඉතිරිය සහ අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම බලාපොරොත්තු වේ. 

උදා: වරක් භාවිතයෙන් ඉවතලන පොලිතීන් බෑග් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි රෙදි බෑග් භාවිතය, වරක්  භාවිත කර ඉවතලන ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි වීදුරු බෝතල්  භාවිතය

ප්‍රතිචක්‍රීකරණය

අදාළ භාණ්ඩය පාවිච්චියෙන් පසු එම අමුද්‍රව්‍ය යොදාගෙන නැවත එම නිෂ්පාදනයම හෝ වෙනත් නිෂ්පාදනයන් සිදු කරයි.
උදා: 
  • පාවිච්චි කර ඉවත දමන ලද යකඩ, ඇලුමිනියම් උණු කර නැවත පිරිපහදු කර ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම  
  • පාවිච්චි කරන ලද  කඩදාසි නැවත පල්ප බවට පත් කර කාඩ්බෝඩ්, කඩදාසි ආදිය නිපදවීමට යොදා ගැනීම   
  • ඉවතලන ප්ලාස්ටික් පිරිසිදු කර නැවත උණු කර වෙනස් භාණ්ඩ නිපදවීම සහා යොදා ගැනීම

ශ්‍රී ලංකාවේ මෑතක සිට 4වන R සංකල්පය ලෙස නැවත සිතීම  (Rethink) හඳුන්වා දී ඇත. (4R සංකල්පය )

Tuesday, March 24, 2020

ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත

1. රසායනික කර්මාන්තයක ඵලදායිතාව වැඩිකිරීම

රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් යනු,


අමුද්‍රව්‍ය, හා බල ශක්තිය උපයෝගී කර ගනිමින් නව සංයෝග නිපදවීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් වේ.

රසායනික කර්මාන්ත ආශ්‍රිත ව රසායනික විපර්යාසයක් සිදු වීම එහි ප්‍රධානම ලක්ෂණයකි. 

ලොව ප්‍රධානතම රසායනික කර්මාන්ත කිහිපයක්,

  1. ඇමෝනියා නිෂ්පාදනය  N2 + 3H2    →      2 NH3
  2. කෝස්ටික් සෝඩා
  3. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය
  4. හයිඩ්‍රොක්ලොරික් අම්ල නිෂ්පාදනය
  5. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය

MSDS [Material Safety Data Sheet] තොරතුරු පත්‍රිකාව  

රසායනික නිෂ්පාදන සඳහා යොදාගනු ලබන සංයෝග හා නිෂ්පාදනය කරනු ලබන සංයෝග මගින් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එමනිසා මෙම සංයෝග ගබඩා කිරීම හා පරිහරණය සදහා විධිමත් ක්‍රම අනුගමනය කළ යුතු ය. ඒ සඳහා රසායනික සංයෝග පිළිබඳ සියලු තාක්ෂණික තොරතුරු ඇතුළත් MSDS  තොරතුරු පත්‍රිකාව පරිහරණය කරයි.   

කෝස්ටික් සෝඩා සදහා MSDS  තොරතුරු පත්‍රිකාව

MSDS  තොරතුරු පත්‍රිකාවක අඩංගු තොරතුරු

  • රසායනික ද්‍රව්‍යය ගබඩා කළයුතු ආකාරය
  • එමගින් මිනිස් ශරීරයට ඇතිවන බලපෑම් (විෂ දායකබව ) 
  • භාවිත කරන ආකාරය
  • ක්ෂය වන අන්දම
  • ප්‍රථමාධාර  

රසායනික නිෂ්පාදනයක දී සැළකිලිමත් විය යුතු කරුණු

  • රසායනික නිෂ්පාදන සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය සංයෝගවල සංයුතිය, සංශුද්ධතාව හා භෞතික ගුණාංග (වර්ණය, ඝනත්වය වැනි )
  • අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ දී මිශ්‍ර කරන අනුපාත හා මිශ්‍ර කරන අනුපිළිවෙළ ඉතා වැදගත් වේ.

නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය සම්පත් (5M )

  1. මුදල් (Money)
  2. මිනිස් බලය (Man Power)
  3. යන්ත්‍ර (Machines)
  4. ක්‍රමවේදය (Method)
  5. අමුද්‍රව්‍ය (Materials)

        Monday, March 23, 2020

        පරිඝනක පද්ධතිය හා උපාංග

        පරිඝනක පද්ධතිය හා උපාංග


         Basic Components of Computer System and Block Diagram

        What is a Computer? Webopedia Definition

        ආදාන උපාංග


        Tuesday, March 17, 2020

        භ්‍රමණ චලිතය

        භ්‍රමණ චලිතය


        • රේඛීය චලිතය (උත්තාරණ චලිතය ) හා භ්‍රමණ චලිතය

         

        කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය

        කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය

        • කාර්යය  = බලය ✕ බලයේ දිශාවට වස්තුවේ සිදු වූ විස්ථාපනය
        W  =  F  ✕ S
        ඒකකය  - Nm = J

        W = Fcosθ ✕ S



        • ශක්තිය = කාර්යය කිරීමේ හැකියාව
        ඒකකය  -   J
        යාන්ත්‍රික ශක්තිය ප්‍රධාන ආකාර 2කි.
        1.  චාලක ශක්තිය
        2.  විභව ශක්තිය

        චාලක ශක්තිය

        උත්තාරණ චාලක ශක්තිය  (Ek)

        Ek = ½ mv²
        m  - වස්තුවේ ස්කන්ධය 
        V - වස්තුවේ ප්‍රවේගය

        භ්‍රමණ චාලක ශක්තිය

        Ekභ්‍රමණ= ½ I⍵²
        I - අවස්ථිති ඝූර්ණය
        ⍵ - කෝණික ප්‍රවේගය

        විභව ශක්තිය

        ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය (Ep)
        Ep = mgh
        m  - වස්තුවේ ස්කන්ධය 
        g - ගුරුත්වජ ත්වරණය
        h - වස්තුවේ උස


        ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය  
        Ep = ½ kx²
        k = F/x - දුනු නියතය
        x - විතතිය

        ශක්ති සංස්ථිතිය 

        ශක්තිය මැවීමක් හෝ විනාශවීමක් සිදු නොවන අතර ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයකට පරිවර්තනය වේ.

        යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය

        mgh + ½ mv² = K (නියතයක්)

        • ක්ෂමතාවය (ජවය) = කාර්යය කිරීමේ ශීඝ්‍රතාවය
        ක්ෂමතාවය (ජවය) = කාර්යය/ කාලය
        P = W/ t 
        ඒකකය  -   Js⁻¹ = W
        1kW = 1000W
        1MW = 1000000W = 1000kW
        1GW = 1000MW

        1kW = 1000W = 1000Js⁻¹
        1h(පැය) = 3600s(තත්පර) 
        තත්පරයට  1000J බැගින්  තත්. 3600 ක දී ශක්තිය = 1000 ✕ 3600 =3600000J
        ∴1KWh = 3600000J
        • ප්‍රදාන කාර්යය 
        යන්ත්‍රයක් ක්‍රියාකරවීමට කළයුතු කාර්යය (සැපයිය යුතු ශක්තිය )

        • ප්‍රතිදාන කාර්යය  
        යන්ත්‍රයෙන් සිදුවන ඵලදායි කාර්යය ප්‍රමාණය 
        (යන්ත්‍රයෙන් ලබාදෙන ශක්තිය )

        ඝර්ෂණය වැනි හේතු නිසා යන්ත්‍රවල ශක්තිය හානිවේ.

        ∴ ප්‍රතිදාන කාර්යය < ප්‍රදාන කාර්යය 
        • කාර්යක්ෂමතාවය = යන්ත්‍රය මගින් සිදුකළ ප්‍රයොජනවත් කාර්යය  ✕   100%                                                        එයට සැපයූ ශක්තිය

        කාර්යක්ෂමතාවය =  ප්‍රතිදාන ජවය    ✕   100%
                     ප්‍රදාන ජවය