Tuesday, March 24, 2020

ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත

1. රසායනික කර්මාන්තයක ඵලදායිතාව වැඩිකිරීම

රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් යනු,


අමුද්‍රව්‍ය, හා බල ශක්තිය උපයෝගී කර ගනිමින් නව සංයෝග නිපදවීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් වේ.

රසායනික කර්මාන්ත ආශ්‍රිත ව රසායනික විපර්යාසයක් සිදු වීම එහි ප්‍රධානම ලක්ෂණයකි. 

ලොව ප්‍රධානතම රසායනික කර්මාන්ත කිහිපයක්,

  1. ඇමෝනියා නිෂ්පාදනය  N2 + 3H2    →      2 NH3
  2. කෝස්ටික් සෝඩා
  3. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය
  4. හයිඩ්‍රොක්ලොරික් අම්ල නිෂ්පාදනය
  5. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය

MSDS [Material Safety Data Sheet] තොරතුරු පත්‍රිකාව  

රසායනික නිෂ්පාදන සඳහා යොදාගනු ලබන සංයෝග හා නිෂ්පාදනය කරනු ලබන සංයෝග මගින් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එමනිසා මෙම සංයෝග ගබඩා කිරීම හා පරිහරණය සදහා විධිමත් ක්‍රම අනුගමනය කළ යුතු ය. ඒ සඳහා රසායනික සංයෝග පිළිබඳ සියලු තාක්ෂණික තොරතුරු ඇතුළත් MSDS  තොරතුරු පත්‍රිකාව පරිහරණය කරයි.   

කෝස්ටික් සෝඩා සදහා MSDS  තොරතුරු පත්‍රිකාව

MSDS  තොරතුරු පත්‍රිකාවක අඩංගු තොරතුරු

  • රසායනික ද්‍රව්‍යය ගබඩා කළයුතු ආකාරය
  • එමගින් මිනිස් ශරීරයට ඇතිවන බලපෑම් (විෂ දායකබව ) 
  • භාවිත කරන ආකාරය
  • ක්ෂය වන අන්දම
  • ප්‍රථමාධාර  

රසායනික නිෂ්පාදනයක දී සැළකිලිමත් විය යුතු කරුණු

  • රසායනික නිෂ්පාදන සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය සංයෝගවල සංයුතිය, සංශුද්ධතාව හා භෞතික ගුණාංග (වර්ණය, ඝනත්වය වැනි )
  • අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ දී මිශ්‍ර කරන අනුපාත හා මිශ්‍ර කරන අනුපිළිවෙළ ඉතා වැදගත් වේ.

නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය සම්පත් (5M )

  1. මුදල් (Money)
  2. මිනිස් බලය (Man Power)
  3. යන්ත්‍ර (Machines)
  4. ක්‍රමවේදය (Method)
  5. අමුද්‍රව්‍ය (Materials)

        No comments:

        Post a Comment