බාහිර බලයක් යෙදීම නිසා වස්තුවක ඇතිවන චලිත ස්වභාවය පිළිබද ව සර් අයිසැක් නිව්ටන් විසින් නියමයන් 3ක් ඉදිරිපත් කර ඇත.
නිව්ටන්ගේ පළමුවන නියමය
බාහිර බලයක් නොයෙදෙන තාක් කල් නිශ්චල වස්තු නිශ්චලතාවයෙහිම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එම තත්ත්වය වෙනස්කළ හැක්කේ බාහිර බලයක් යෙදීමෙන් පමණි.
ගම්‍යතාවය
වස්තුවක ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය ගම්‍යතාවය යි.
ගම්‍යතාවය = ස්කන්ධය ✖ ප්‍රවේගය
P = m ✖ v
ගම්‍යතාවයේ ඒකක → kgms⁻¹
ගම්‍යතාවය යනු දෙෙශික රාශියකි. එහි දිශාව වන්නේ ප්‍රවේගයේ දිශාව යි.
නිව්ටන්ගේ දෙවන නියමය
වස්තුවකට යොදන බාහිර බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම ව සමානුපාතික වේ.
නිව්ටන්ගේ තුන්වන නියමය
සෑම ක්‍රියාවකටම ඊට විශාලත්වයෙන් සමාන වූ ද, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇත.