Monday, August 12, 2019

බලය (Force)

බලය යනු:


නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනයවන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හේතුවන්නා වූ බාහිර බලපෑම යි.

බලයක් පූර්ණ වශයෙන් විස්තර කිරීමට අවශ්‍ය වන සාධක 3කි.
  1. බලයේ විශාලත්වය
  2. බලයේ දිශාව
  3. බලයේ ක්‍රියා ලක්ෂ්‍යය

බලයට නියමිත විශාලත්වයක් හා නියමිත දිශාවක් පවතින බැවින් එය දෙෙශික රාශියක් වේ.


බලයක විශාලත්වය මනින සම්මත ඒකකය නිව්ටන් (N) වේ.


පරිමාණයට අදිනු ලබන සරල රේඛාවක් මගින් බලයක් රූපසටහනක නිරූපනය කරයි.
උදා:- 
  •  x ලක්ෂ්‍යය මත නැගෙනහිර දිශාවට 20N ක බලයක් ක්‍රියාත්මකවීම නිරූපනය කිරීම

පරිමාණය 1cm = 5N
මෙහි xy දිගෙන් බලයේ විශාලත්වය ද ඊ හිසෙන් බලය ක්‍රියාකරන දිශාව ද නිරූපනය කරයි. x බලයේ ක්‍රියා ලක්ෂ්‍යය යි.

  • මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් මත 10N ක බලයක් ක්‍රියාත්මක වේ.

මෙහි ලී කුට්ටිය මත ක්‍රියාත්මකවන බලයේ විශාලත්වය 10N ක් වන අතර එහි දිශාව ඊතලයෙන් නිරූපනය වේ. බලයේ ක්‍රියා ලක්ෂ්‍යය A  වන අතර බලයේ ක්‍රියා රේඛාව තිත් රේඛාවෙන් දැක් වේ.


නිව්ටන් නියම : https://sftadvancedlevel.blogspot.com/2019/08/blog-post_13.html

No comments:

Post a Comment