රසායනික ප්‍රතික්‍රියාවක දී හෝ භෞතික විපර්යාසයක දී සිදුවන තාප ශක්ති වෙනස්වීම් පිළිබ්ද අධ්‍යයනය තාප රසායනය යි.
ප්‍රතික්‍රියාවක දී ශක්ති විපර්යාසයත් සමග ම උෂ්නත්ව වෙනසක් ද ඇති වේ. ඇතැම් ප්‍රතික්‍රියාවල දී උෂ්නත්වය ඉහළ යාමක් ද ඇතැම්විට උෂ්නත්වය පහත වැටීමක් ද සිදුවේ.
උෂ්නත්ව විපර්යාසයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියා
- අළුහුණු වලට ජලය එකතු කිරීම
- ග්ලූකොස් ජලයේ දිය කිරීම
තාප රසායනයේ මූලික සංකල්ප
- තාපය - උෂ්නත්ව වෙනසක් හේතුවෙන් හටගන්නා ශක්ති ප්‍රවාහය
- කාර්යය - යම් දිශාවක් ඔස්සේ වස්තුවක් චලනය කිරීම සදහා වෙනත් වස්තුවකින් සිදුවන ශක්ති සංක්‍රමණය
- ශක්තිය - බලයක් යෙදීම මගින් වස්තුවක් චලනය කිරීම වැනි කාර්යයක් කිරීමට ඇති හැකියාව
- පද්ධතිය - විශ්වයෙන් අධ්‍යයනය සදහා තෝරාගනු ලබන කොටස
- පරිසරය/වටපිටාව - අධ්‍යයනය සදහා තෝරා ගත් කොටස හැර විශ්වයේ සෙසු සියල්ල
- මායිම - පද්ධතිය හා වටපිටාව වෙන් කෙරෙන පෘෂ්ඨය/ සීමාව
No comments:
Post a Comment