- තාප සන්නයනය (Thermal Conduction)
- තාප සංවහනය (Convection)
- තාප විකිරණය (Thermal radiation)
තාප සන්නයනය (Thermal Conduction)
ඝන ද්‍රව්‍ය තුළ තාපය ගලායන එකම ක්‍රමය සන්නයනය යි. මේ සදහා තාපය ගලායන අන්ත දෙකේ උෂ්නත්ව වෙනසක් තිබිය යුතු වේ.
ඝන ද්‍රව්‍ය තුළ අංශු ඉතා ලගින් ඇසිරි තදින් බැදී පවතී.ඝන වස්තුවක එක් කෙළවරකට තාප ශක්තිය ලබා දුන් විට එම ස්ථානයේ පවතින අංශු චාලක ශක්තිය ලබාගෙන ඊට යාබද අංශුවල ගැටේ. එම අංශු චාලක ශක්තිය ලබාගනී. මෙලෙස චාලක ශක්තිය වැඩිවන අංශු අනුයාත අංශු සමග ගැටෙමින් ශක්තිය රැගෙන යයි.
අංශු ගමන් කිරීමකින් තොරව එක් අංශුවකින් යාබද අංශුවට වන පරිදි තාපය ගලායාම සන්නයනය යි.
ද්‍රව හා වායූන්ගේ ද සුළු ප්‍රතිශතයකින් සන්නයනය සිදු වේ.
සන්නයනය සදහා අංශූන් අත්‍යාවශ්‍ය බැවින් මේ සදහා මාධ්‍යයක් අවශ්‍යය වේ.
තාප සංක්‍රාමණ ක්‍රම 2 https://sftadvancedlevel.blogspot.com/2019/08/blog-post_10.html
No comments:
Post a Comment