Tuesday, August 20, 2019

තාප රසායනය (Thermo chemistry)

රසායනික ප්‍රතික්‍රියාවක දී හෝ භෞතික විපර්යාසයක දී සිදුවන තාප ශක්ති වෙනස්වීම් පිළිබ්ද අධ්‍යයනය තාප රසායනය යි.

ප්‍රතික්‍රියාවක දී ශක්ති විපර්යාසයත් සමග ම  උෂ්නත්ව වෙනසක් ද ඇති වේ. ඇතැම් ප්‍රතික්‍රියාවල දී උෂ්නත්වය ඉහළ යාමක් ද ඇතැම්විට උෂ්නත්වය පහත වැටීමක් ද සිදුවේ.

උෂ්නත්ව විපර්යාසයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියා

  1. අළුහුණු වලට ජලය එකතු කිරීම
  2. ග්ලූකොස් ජලයේ දිය කිරීම


තාප රසායනයේ මූලික සංකල්ප

  • තාපය   -   උෂ්නත්ව වෙනසක් හේතුවෙන් හටගන්නා ශක්ති ප්‍රවාහය
  • කාර්යය -  යම් දිශාවක් ඔස්සේ වස්තුවක් චලනය කිරීම සදහා වෙනත් වස්තුවකින් සිදුවන ශක්ති සංක්‍රමණය    
  • ශක්තිය -   බලයක් යෙදීම මගින් වස්තුවක් චලනය කිරීම වැනි කාර්යයක් කිරීමට ඇති හැකියාව   
  • පද්ධතිය -  විශ්වයෙන් අධ්‍යයනය සදහා තෝරාගනු ලබන කොටස
  • පරිසරය/වටපිටාව - අධ්‍යයනය සදහා තෝරා ගත් කොටස හැර විශ්වයේ සෙසු සියල්ල
  • මායිම -  පද්ධතිය හා වටපිටාව වෙන් කෙරෙන පෘෂ්ඨය/ සීමාව

Tuesday, August 13, 2019

චලිතය පිළිබද නිව්ටන් නියම (Newton's laws of motion)

බාහිර බලයක් යෙදීම නිසා වස්තුවක ඇතිවන චලිත ස්වභාවය පිළිබද ව සර් අයිසැක් නිව්ටන් විසින් නියමයන් 3ක් ඉදිරිපත් කර ඇත.

නිව්ටන්ගේ පළමුවන නියමය


බාහිර බලයක් නොයෙදෙන තාක් කල් නිශ්චල වස්තු නිශ්චලතාවයෙහිම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එම තත්ත්වය වෙනස්කළ හැක්කේ බාහිර බලයක් යෙදීමෙන් පමණි.

ගම්‍යතාවය

වස්තුවක ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය ගම්‍යතාවය යි.

ගම්‍යතාවය = ස්කන්ධය  ✖  ප්‍රවේගය
P            =         m         ✖      v
ගම්‍යතාවයේ ඒකක →     kgms⁻¹


ගම්‍යතාවය යනු දෙෙශික රාශියකි. එහි දිශාව වන්නේ ප්‍රවේගයේ දිශාව යි.

නිව්ටන්ගේ දෙවන නියමය


වස්තුවකට යොදන බාහිර බලය, එහි ගම්‍යතාවය වෙනස්වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම ව සමානුපාතික වේ.


නිව්ටන්ගේ තුන්වන නියමය


සෑම ක්‍රියාවකටම ඊට විශාලත්වයෙන් සමාන වූ ද, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇත.

Monday, August 12, 2019

බලය (Force)

බලය යනු:


නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනයවන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට හේතුවන්නා වූ බාහිර බලපෑම යි.

බලයක් පූර්ණ වශයෙන් විස්තර කිරීමට අවශ්‍ය වන සාධක 3කි.
  1. බලයේ විශාලත්වය
  2. බලයේ දිශාව
  3. බලයේ ක්‍රියා ලක්ෂ්‍යය

බලයට නියමිත විශාලත්වයක් හා නියමිත දිශාවක් පවතින බැවින් එය දෙෙශික රාශියක් වේ.


බලයක විශාලත්වය මනින සම්මත ඒකකය නිව්ටන් (N) වේ.


පරිමාණයට අදිනු ලබන සරල රේඛාවක් මගින් බලයක් රූපසටහනක නිරූපනය කරයි.
උදා:- 
  •  x ලක්ෂ්‍යය මත නැගෙනහිර දිශාවට 20N ක බලයක් ක්‍රියාත්මකවීම නිරූපනය කිරීම

පරිමාණය 1cm = 5N
මෙහි xy දිගෙන් බලයේ විශාලත්වය ද ඊ හිසෙන් බලය ක්‍රියාකරන දිශාව ද නිරූපනය කරයි. x බලයේ ක්‍රියා ලක්ෂ්‍යය යි.

  • මේසයක් මත තබා ඇති ලී කුට්ටියක් මත 10N ක බලයක් ක්‍රියාත්මක වේ.

මෙහි ලී කුට්ටිය මත ක්‍රියාත්මකවන බලයේ විශාලත්වය 10N ක් වන අතර එහි දිශාව ඊතලයෙන් නිරූපනය වේ. බලයේ ක්‍රියා ලක්ෂ්‍යය A  වන අතර බලයේ ක්‍රියා රේඛාව තිත් රේඛාවෙන් දැක් වේ.


නිව්ටන් නියම : https://sftadvancedlevel.blogspot.com/2019/08/blog-post_13.html

Saturday, August 10, 2019

තාප සංක්‍රාමණ ක්‍රම 3 (Heat Transfer)

තාප විකිරණය (Thermal Radiation)


විද්‍යුත් චුම්බක ශක්ති ස්වරූපයෙන් තාපය ගමන් කිරීම විකිරණය යි.
විකිරණය සදහා අංශුවල සහභාගිත්වයක් නොමැත. එම නිසා විකිරණයේ දී තාපය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ.


figure 1: පෘථිවිය කරා සූර්යයාගෙන් තාපය සංක්‍රාමණය වීම.



figure 2: ගිනිගොඩක් අසළ සිටින විට අපට එහි උණුසුම දැනීම

තාප විකිරණය වීමේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක

  1. පෘෂ්ඨ වර්ගඵලය
  2. පෘෂ්ඨයේ ස්වභාවය(රළු/සිනිදු/වර්ණය )
  3. වස්තුවේ උෂ්නත්වය/ නිරපේක්ෂ උෂ්නත්වය

තාප සංක්‍රාමණ ක්‍රම 1(Heat transfer)

තාප සoක්‍රාමණ ක්‍රම 3 කි.

  1. තාප සන්නයනය (Thermal Conduction)
  2. තාප සංවහනය (Convection)
  3. තාප විකිරණය (Thermal radiation)


තාප සන්නයනය (Thermal Conduction)


ඝන ද්‍රව්‍ය තුළ තාපය ගලායන එකම ක්‍රමය සන්නයනය යි. මේ සදහා තාපය ගලායන අන්ත දෙකේ උෂ්නත්ව වෙනසක් තිබිය යුතු වේ.

ඝන ද්‍රව්‍ය තුළ අංශු ඉතා ලගින් ඇසිරි තදින් බැදී පවතී.ඝන වස්තුවක එක් කෙළවරකට තාප ශක්තිය ලබා දුන් විට එම ස්ථානයේ පවතින අංශු චාලක ශක්තිය ලබාගෙන ඊට යාබද අංශුවල ගැටේ. එම අංශු චාලක ශක්තිය ලබාගනී. මෙලෙස චාලක ශක්තිය වැඩිවන අංශු අනුයාත අංශු සමග ගැටෙමින් ශක්තිය රැගෙන යයි.

අංශු ගමන් කිරීමකින් තොරව එක් අංශුවකින් යාබද අංශුවට වන පරිදි තාපය ගලායාම සන්නයනය යි.

ද්‍රව හා වායූන්ගේ ද සුළු ප්‍රතිශතයකින් සන්නයනය සිදු වේ.

සන්නයනය සදහා අංශූන් අත්‍යාවශ්‍ය බැවින් මේ සදහා මාධ්‍යයක් අවශ්‍යය වේ.


තාප සංක්‍රාමණ ක්‍රම 2  https://sftadvancedlevel.blogspot.com/2019/08/blog-post_10.html

තාප සංක්‍රාමණ ක්‍රම 2 (Heat transfer)


තාප සංවහනය (Convection)



රත් වු අංශු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම මගින් තාපය ප්‍රචාරණයවීම සංවහනය යි.
සංවහනය සිදුවීමට තරලමය මාධHයක් තිබිය යුතු ය. එනම් ද්‍රව හා වායු තුළ පමණක් සංවහනය සිදු වේ.

සංවහනය සිදුවන ආකාර 2 කි.
  1. ස්වභාවික සංවහනය
  2. කෘත සංවහනය

ස්වභාවික සංවහනය

තරලයේ කිසිදු බාහිර කැළඹවීමකින් තොරව එය වටා ස්වභාවික සංවහන ධාරා ඇතිවීමෙන් තාපය ප්‍රචාරණයවීම 

figure 1 : ගිනිමැලයක් අවට උණුසුම පැතිරීම

figure 1: මුහුදු සුළo හා ගොඩ සුළo ඇතිවීම

කෘත සංවහනය

තරලය කෘතිමව කැළඹවීමෙන් ඇතිවන අංශුන්ගේ චලිතය නිසා තාපය ප්‍රචාරණය වීම

figure 3: දහඩිය දමන අවස්ථාවක දී සිරුර ඉක්මණින් සිසිල් කර ගැනීමට විදුලි පංකාවක් යොදාගැනීම

සංවහනය කෙරෙහි බලපාන සාධක


  1. පෘෂ්ඨ වර්ගඵලය
  2. පෘෂ්ඨ ස්වභාවය(රළු/සිනිදු බව )
  3. ගලායන තරල ප්‍රවාහයේ ශීඝ්‍රතාව(ස්වභාවික සංවහනය/කෘත සංවහනය )
  4. පරිසරය හා වස්තුවේ උෂ්නත්වය අතර වෙනස(අමතර උෂ්නත්වය ) 
තාප සංක්‍රාමණ ක්‍රම 3  https://sftadvancedlevel.blogspot.com/2019/08/o-3.html

Tuesday, August 6, 2019

පයිතගරස් සම්බන්ධය (Pythagoras Theorem)

පයිතගරස් සම්බන්ධතාවය (Pythagoras Theorem)

   


සෘජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇදි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇදි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානවේ. 

පයිතගරස් ත්‍රික 

පයිතගරස් ප්‍රමේයය පිළිපදින සෘජුකෝණික ත්‍රිකෝණයක පාද තුනක දිගවල් පයිතගරස් ත්‍රිකයක් ලෙස හදුන්වයි.
 උදා: - 3,4,5         
           6,8,10
           9,12,15

  1. {5,12,13} යන සxඛHd පයිතගරස් ත්‍රිකයක් බව පෙන්වන්න.

විශාලම  සxඛHdවේ වර්ගය, 13²= 169
             5²+ 12² = 25 + 144= 169
       ∴     5²+ 12² = 13²
එමනිසා {5,12,13} යන සxඛHd පයිතගරස් ත්‍රිකයක් වේ.

පයිතගරස් සම්බන්ධතාවයේ විලෝමය


c² = a² + b² වේ නම්  C∡ = 90० වේ.

ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයක් ලබාදෙයි නම් එම ත්‍රිකෝණය සෘජුකෝණික ත්‍රිකෝණයක් වේ.

Monday, August 5, 2019

පරිමාව (Volume)

ඝන වස්තුවල පරිමාව (Volume)

පරිමාව=හරස්කඩ වර්ගඵලය x උස
V = A✖ H

ඝනකය

පරිමාව=(ඝනකයේ එක් පැත්තක දිග)³
           =හරස්කඩ වර්ගඵලය x උස
           = a²✖ a=a³

ඝනකාභය

පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස
           = සෘජුකෝණාස්‍රාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
           =  දිග✖පළල✖   උස
           = l✕b✕h

සිලින්ඩරය

පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස
           = වෘත්තාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
           = 𝝅r²✕ h

හරස්කඩ ත්‍රිකොණාකාර ප්‍රිස්මය

පරිමාව= හරස්කඩ වර්ගඵලය x උස (දිග)
           = ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය✕ උස
           = ½✖b✖h✖ l

ගෝලය

පරිමාව= 4/3 ✕𝝅r³

ආධාරකය සමචතුරස්‍රාකාර පිරමීඩය

පරිමාව = ⅓✕ ආධාරකයේ වර්ගඵලය✕ ලම්භ උස
            = ⅓✕ (a²)✕ h

කේතුව

පරිමාව = ⅓✕ ආධාරකයේ වර්ගඵලය✕ ලම්භ උස
            = ⅓✕ 𝝅r²✕ h

Tuesday, July 30, 2019

4.2 ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ (Microoganisms)

  බැක්ටීරියා, දිලීර  හා වයිරස ප්‍රධාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ වේ.


 බැක්ටීරියා



පෘථිවියේ වඩාත් බහුල ජීවීන් කාණ්ඩය යි. ප්‍රාග්නHෂ්ටික සෙෙ සෙෙල සංවිධානයක් දරයිඒකසෙෙලික වේ. ඇතැම් බැක්ටීරියාවන් ඝනාවාස සාදයි. සචල හෝ අචල විය හැකසෙෙ බිත්තියට පිටතින් ඇතැම් බැක්ටීරියාවල කශිකා (Flagella) හෝ පක්ෂ්ම /පිලයි (Pili)  පිහිටා ඇතසචල බැක්ටීරියා කශිකා දරයි. බැක්ටීරියා සෙෙලවල හැඩය තීරණය කරන සෙෙ බිත්තිය පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදී ඇතසෙෙ බිත්තියේ ඩංගු පෙප්ටිඩොග්ලයිකෑන් සංයුතිය අනුව බැක්ටීරියා වර්ග 2කි.

                                I.            ග්‍රෑම් ධන බැක්ටීරියා (Gram positive bacteria )

                              II.            ග්‍රෑම්  රින බැක්ටීරියා (Gram negative bacteria )

සෙෙ බිත්තියට ඇතුළතින් පිළිවෙළින් ප්ලාස්ම පටලය හා සෙෙ ප්ලාස්මය පිහිටයි.සමහර බැක්ටීරියා සෙෙලවල සෙෙ බිත්තියට පිටතින් පොලිසැකරයිඩ කොපුවක් පිහිටයිඑය ප්‍රාවරය ලෙස හදුන්වයිසෙෙ පටලය වරණීය පාරගමHවේ.එය පොස්පොලිපිඩ, ප්‍රෝටී හා කාබෝහයිඩ්රේට වලින් සෑදී ඇත. ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියාවල ප්ලාස්ම පටලය මත පිහිටි බැක්ටීරියෝ ක්ලොරොෆිල් නම් වර්ණකය ප්‍රභාසංස්ලේෂනයට වැදගත් වේ. බැක්ටීරියාවල ප්ලාස්ම පටලය සෙෙලය තුළට අවතලනය වීමෙන් මීසොසෝම නම් ව්‍යු සාදයිමේවා ස්වායු ස්වසනය සදහා වැදගත් වේ.

බැක්ටීරියා සෙෙලවල ප්‍රවේණික ද්‍රH ලෙස එක් වර්ණදේහයක් පමණක් ඇතඑබැවින් බැක්ටීරියා ඒකගුණ ජීවීන් වේ. වර්ණදේහය ක්‍රාකාර  DNA අණුවක් ලෙස පවතිඑහි ප්‍රෝටී නොමැත. සමහර බැක්ටීරියාවල සෙෙ ප්ලාස්මයේ තැනින් තැන ප්ලාස්මිඩ නම් කුඩා වෘත්තාකාර DNA අණු ඇත. බැක්ටීරියා සෙෙලවල පටලමය ද්‍රයිකා වර්ග කිසිවක් නැත. ප්‍රධාන ද්‍රයිකා වර්ගය ලෙස රයිබසෝම බහුලව ඇත. මේවා 70sවේප්‍රෝටී සංස්ලේෂනය සිදු කරයි. බැක්ටීරියා සෙෙලවල ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකොජන් වේ.

 සමහර බැක්ටීරියා අහිතකර පරිසර තත්ත්වවලදී අන්ත:බීජාණු/ අන්තශ්පෝර නිපදවයිඅන්ත:බීජාණු ඝන සෙෙ බිත්තියකින් සමන්විත වන අතර අධික තාපයටරසායන ද්‍රH වලටවිකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව ඇතහිතකර පාරිසරික තත්ත්ව වලදී අන්ත:බීජාණු ප්‍රරෝහණය වී සජීවී බැක්ටීරියා සෙෙ ඇතිකරයි.

සෙෙලවල හැඩය අනුව ප්‍රධාන ආකාර 3කි.

  1.         ගෝලාකාර / කොකුස  (Coccus)
  2.         සිලින්ඩරාකාර/ දණ්ඩාකාර /බැසිලස (Bacillus)
  3.         සර්පිලාකාර/ ස්පිරිලුම/ස්පයිරොකීට (Spirillum)
බැක්ටීරියා ද්විඛණ්ඩනය(binary fission)  මගින් ප්‍රජනනය සිදුකරයි.

දිලීර 


දිලීර කාබනික ද්‍රH බහුල තෙත ස්ථානවල ජීවත් වේ. සූනHෂ්ටික සෙෙ සංවිධානයක් දරයි. ඒකසෙෙලික හෝ බහුසෙෙලික ආකාර ඇතඒකසෙෙලික දිලීර ගෝලාකාර හෝ අණ්ඩාකාර හැඩැති වේ. බහුසෙෙලික දිලීර දේහය අතු බෙදී දිලීර සූත්‍රිකා සාදයිදිලීර සූත්‍රිකා ආවාර සහිත (සාවාර සූත්‍රිකා  ) හෝ රහිත ( නිරාවාර සූත්‍රිකා ) වියහැක. දිලීර සූත්‍රිකා ඒකරාශී වීමෙන් දිලීර ජාලය හෙවත් මයිසීලියම සාදයි.
 (Eg. Mucor, Aspergillus)

සෙෙ බිත්තිය කයිටීන් වලින් සෑදී ඇත. ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකොජන් .
විෂමපෝෂීන් වේබොහොමයක් මෘතොපජීවීන් වේඑනම්  මියගිය ශාක හා සත්ත්ව කොටස් මතට එන්සයිම නිදහස් කර ජීර්ණය වූ පෝෂක අවශෝෂණය කර ගනියි(රසායනික විෂමපෝෂී). සමහර විශේෂ සහජීවී හෝ පරපෝෂී පෝෂණ ක්‍රම අනුගමනය කරයි.

දිලීර ලිංගික මෙන්ම ලිංගික ප්‍රජනනය පෙන්වන අතර එහිදී බීජාණු සෑදීම සිදු වේ.

දිලීරවල වැදගත්කම



  1.                      වියෝජකයන් ලෙස ක්‍රියා කිරීම
  2.                     විවිධ කර්මාන්ත සදහා යොදා ගැනීම (මධHසාර නිපදවීම,බේකරි කර්මාන්තය )
  3.                      ප්‍රතිජීවක නිෂ්පාදනය
  4.                      ආහාරයක් ලෙස
  5.                    එන්සයිම නිපදවීම

වයිරස


දුම්කොළ විචිත්‍ර රෝගය පිළිබද පරීක්ෂා කිරීමේ දී දිමිත්‍රි අයිවනොව්ස්කි විසින් මුලින් ම වයිරස නිරීක්ෂණය කරන ලදී. සෙෙලීය ව්‍යුහයක් හෝ සෙෙලීය සංවිධානයක් නොමැති ජීවී විශේෂය කි. වයිරස තුළ ප්‍රවේණික ද්‍රH ලෙස DNA  හෝ RNA අඩංගු වේ. ජීවී මෙන් ම අජිවී ලක්ෂණ පෙන්වයි. වයිරස අංශුව මධHයේ පවතින ප්‍රවේණික ද්‍රH කැප්සිඩය නම් වූ ප්‍රෝටීනමය ආවරණයකින් වට වී ඇත. තරමින් 20nm -300nm පමණ වේ. බැක්ටීරියා සෙෙලයක තරමින් 1/50ක් පමණ වේ. එම නිසා නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයෙන්  පමණි.
අනිවාර්ය පරපෝෂීන් වේ. එබැවින් සජීව අවස්ථාවේ පවතින්නේ ජීවී සෙෙල තුළ දී ය. ප්‍රජනනය සිදුවන්නේ වෙනත් ජීවී සෙෙලයක් තුළ ය. එක් වයිරස අංශුවක් ජීවී සෙෙලයක් තුළ ගුණනය වීමෙන් එක් වරක දී වයිරස අංශු විශාල ප්‍රමාණයක් සාදයි. වයිරස සජීව ශාක සෙෙල හො සත්ත්ව පටක තුළ කෘතීම ව වගා කරයි. ශාක සෙෙල, සත්ත්ව සෙෙල මෙන් ම බැක්ටීරියා සෙෙලවලට ද ආසාදනය වේ. සියලුම වයිරස රෝගකාරක වේ.

උදා: ඒඩ්ස්, සරම්ප, දුම්කොළ ශාකවල පත්‍ර විචිත්‍ර රෝගය

වයිරස පරිවෘත්තීය ක්‍රියා කිසිවක් සිදු නොකරයිප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැක.

වයිරසවල මූලික හැඩ ආකාර 3කි.

  1.                     Helical viruses-හේලික්සාකාර වයිරස
  2.                    Polyhedral- සමතල පෘෂ්ට සහ දාරවලින් සමන්විත වයිරස
  3.                   Complex viruses - සංකීර්ණ සමමිතියක් සහිත වයිරස



Wednesday, July 24, 2019

වර්ගඵලය (Area)


 Hdමිතික හැඩතලවල වර්ගඵලය

  1. සමචතුරස්‍රය -  Square
  2. සෘජුකෝණාස්‍රය - Rectangle
  3. ත්‍රිකෝණය - Triangle
  4. සමාන්තරාස්‍රය - parallelogram
  5. ත්‍රැපීසියම - Trapezoid
  6. වෘත්තය - Circle

සමචතුරස්‍රය -  Square


වර්ගඵලය (A) = (එක් පාදයක දිග



සෘජුකෝණාස්‍රය - Rectangle


වර්ගඵලය (A) = දිග x පළල


ත්‍රිකෝණය - Triangle


වර්ගඵලය (A) = 1/2 x ආධාරකය x ලම්බ උස



සමාන්තරාස්‍රය - parallelogram


වර්ගඵලය (A) = ආධාරකය x ලම්බ උස 


ත්‍රැපීසියම - Trapezoid


වර්ගඵලය (A) =  1/2 x සමාන්තර පාද දෙකේ එකතුව x ලම්බ උස


වෘත්තය - Circle


වර්ගඵලය (A) =  𝜋 (අරය)²

ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය

  1. ඝනකය
  2. ඝනකාභය
  3. සිලින්ඩරය
  4. ප්‍රිස්මය
  5. කේතුව
  6. පිරමීඩය
  7. ගෝලය

ඝනකය

 

ඝනකාභය

සිලින්ඩරය


ප්‍රිස්මය


කේතුව

පිරමීඩය


ගෝලය

 r=අරය(radius)

SA= 4ℼ r²